(නිමල කොඩිතුවක්කු)
රජයේ සේවකයන්ට යළි වාහන බලපත‍්‍ර ලබාදීමට රජයේ අවධානය යොමුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹදී අද (07) පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් සිදු කළ බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව රජයේ සේවකයන්ට යළි වාහන බලපත‍්‍ර ලබාදීමට සුදුසු ක‍්‍රමවේදයක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බවද අබේවර්ධන මහතා පැවැසීය.
අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
රජයේ සේවකයන්ට වාහන බලපත‍්‍ර දෙන්න රජයේ අවධානය - ලක්ෂ්මන් යාපා
Recommended Articles