IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රජයේ ඩිජිටල් ගෙවීම් බිලියන 2 පසු කරයි

(අංජුල මහික වීරරත්න)

රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay 2025 වසරේදී  සිදු කළ  ඩිජිටල් ගනුදෙනුවල  මුළු වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවා තිබේ.

ශීඝ්‍රයෙන් අනුවර්තන වීමේ හැකියාව, මහජන විශ්වාසය දිනා ගැනීම සහ රාජ්‍ය ආයතනවලින් ලද පිළිගැනීම හේතුවෙන් GovPay දින 45ක කාලයක් තුළ  එහි ආදායම රුපියල් බිලියන 1 සිට රුපියල් බිලියන 2 දක්වා දෙගුණ කර ගැනීමට සමත්ව සිටී. 

2025 පෙබරවාරි 07 වන දින නිල වශයෙන් දියත් කළ දින සිට, මේ දක්වා  GovPay ඩිජිටල් ගනුදෙනු 70,178 කට වඩා සිදු කර ඇති අතර, එමඟින් රාජ්‍ය ආයතන 221 ක් හරහා රාජ්‍ය සේවා 3,372කට ගෙවීම් පහසුකම ස්ථාපිත කර තිබේ. 

2025 අප්‍රේල් 10 වන දින GovPay හරහා රථවාහන දඩ ගෙවීම් සඳහා මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. එතැන් සිට මේ දක්වා, මෙම පද්ධතිය හරහා රථවාහන දඩ ගෙවීම් 50,000 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර, එමඟින් රුපියල් මිලියන 66 කට වඩා ආදායමක් උපයා ඇත. 

මෙම සේවාව දැනට දකුණ, කටුනායක සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළුව බටහිර, දකුණ, උතුර, වයඹ සහ උතුරු මැද පළාත් පුරා ක්‍රියාත්මක වේ. මෙය 2025 දෙසැම්බර් මාසයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත් අධික වැසි සහිත කාලගුණික තත්ත්වය සහ ආපදා තත්ව හේතුවෙන් කල් දැමුණු අතර,ශ්‍රී ලංකා පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන් සහ LankaPayහි සහාය ඇතිව, 2026 ජනවාරි මාසයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එකඟතාව පළ කර ඇත. 

GovPay ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන හරහා එහි ප්‍රවේශය පුළුල් කරමින්, පුරවැසියන්ගේ එදිනෙදා කටයුතුවලදී රජයේ සේවාවලට ප්‍රවේශ වීමේ පහසුකම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇත. 

උතුරු පළාතේ සියලුම පළාත් පාලන ආයතන සහ දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙම ඩිජිටල් ගනුදෙනු කිරීමේ පහසුකම ස්ථාපිත කර ඇති අතර, 2026 වන විට සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීමේ ජාතික ඉලක්කය ළඟා කර ගැනීම රජයේ ඉලක්කයයි. 



අදහස් (0)

රජයේ ඩිජිටල් ගෙවීම් බිලියන 2 පසු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site