යූටියුබ් නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමේ තීරණයක්


ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ  යූටියුබ් සේවාව  මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර ඇත.  
 
පුද්ගල තොරතුරු අනවසරයෙන් ලබා ගැනීම, පුද්ගලයන් නොමඟ යවන වංචාසහගත අන්තර්ගතයන් ප්‍රචාරය කිරීම සහ  වෙළඳ අරමුණු වෙනුවෙන් පීඩාකාරී අන්දමින් භාවිතා කිරීම සිදුකරන නාලිකා මෙසේ ඉවත් කර ඇත.
 
මේ ආකාරයට  යූටියුබ් නාලිකා  79.6 %ක් පමණ අක්‍රිය කර ඇති අතර ජූලි වල සිට සැප්තැම්බර් මාසය දක්වා  නිරුවත හෝ ලිංගික අන්තර්ගතයන්  සහිත නාලිකා 12.6% ක්  ඉවත් කර ඇති බව යූටියුබ් සමාගම පවසයි. 
 
එසේම එම කාලය අතරතුර ලොකයේ විශාල විඩියෝ හුවමාරු කීරීමේ ජාලයන්හි වීඩියෝ මිලියන 7.8 ක් ද ඉවත්කිරීම සිදුකර ඇති අතර මාස තුනක් ඇතුළත සිදුකරන ලද සමීක්ෂණ අනුව  ප්‍රතිපත්ති කිහිපයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම නාලිකා අවලංගු කර ඇත. 
 
පළමු වතාවට  මිලියන 224 අධික ප්‍රතිචාර මකාදමා ඇති අතර එයින් 99.5%ක්  2018 තුන් වැනි කාර්තුවේදී  සමාගමේ ස්වයංක්‍රීය පද්ධතික් මඟින් ඉවත් කර ඇත. 
 
 මේ වන විට යූටියුබ් හරහා  අන්තවාදී තොරතුරු ප්‍රචාරය කිරීම, රැඩිකල් උද්ඝෝෂණ හෝ දේශපාලන අන්තර්ගතයන් පතුරුවාලීම  සිදු කරන්නේද  යන්න නිරීක්ෂණය කරමින් සිටිති. 
 
 
(63226)