(අංජුල මහික වීරරත්න)
යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දිගු කාලීන සමාජීය ගැටුම් හා අභියෝග වලින් පසු යථා තත්ත්වයට පත් වෙමින් පවතින උතුරු පළාතේ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉතා වැදගත් අවශ්‍යතාවක් බව හඳුනාගනු ලැබ තිබේ.
ඒ සඳහා පාසල් වල සහ ක්‍රීඩා සමාජවල මේස පන්දු, ටෙනිස්, බැඩ්මින්ටන්, නෙට්බෝල් සහ වෙස් වැනි ගෘහස්ථ ක්‍රීඩාවන් සංවර්ධනය කිරීමේ අරමුණින් යාපනය දිස්ත්‍රික්කයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යෝජනා වී ඇත.
ඒ අනුව, රුපියල් මිලියන 170 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ අදාල පහසුකම් සහිතව යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

