( සිතුම් චතුරංග)
යාපනය විශ්ව විද්‍යාලයේ අභිනවයෙන්පත්වූ මහ ශිෂ්‍ය සංගමයේ නිල සාමාජිකයින් පිළිගන්නා ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරියට බලකරමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (17) උදෑසන විශ්ව විද්‍යාලයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුව ඉබියතුරු යොදා අගුළුදමා විශ්ව විද්‍යාලය තුළ විරෝධතාවක නිරතවූහ.
සිසුන්ගේ විරෝධතාවය හේතුවෙන් උදෑසන විශ්ව විද්‍යාලයේ සේවය සඳහා පැමිණි විශ්ව විද්‍යාල කාර්යමණ්ඩල හා විශ්ව විද්‍යාල පාලනාධිකාරියට විශ්ව විද්‍යාලයතුලට ඇතුළුවීමට නොහැකිව පැය කිහිපයක් මාර්ගයට වී සිටීමට සිදුවිය.
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ නිලවරණය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් කල්දමා තිබූ අතර ශිෂ්‍යන් විසින් ඔන්ලයින් ඔස්සේ නිලවරණයක් පවත්වා පත්කරගනු ලැබූ මහ ශිෂ්‍ය සංගමයේ එම සභාපති ඇතුළු සංගමයේ නිලධාරීන් පිළිගන්නා ලෙසට විශ්ව විද්‍යාල පාලනාධිකාරියට ඉල්ලීම් කරමින් සිසුන් විරෝධතාවයේ නිරතවූහ.
මහ ශිෂ්‍ය සංගමයේ නිලතල සඳහා සාමාජිකයින් පත්කිරීම යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් පැහැරහැර ඇති බවට පවසමින් සිසුන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නිලවරණයක් පසුගියදා පැවැත්වූ බවද පැවසීය.
එහිදී යාපනය විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස එස්.වසන්තරාජා සිසුවා තේරීපත්වූ අතර එම සිසුවා විනය විරෝධී හැසිරීම් හේතුවෙන් පංති තහනමකට ලක්වූ අයකු වන අතර සභාපති තනතුරකට එවැනි සිසුවකු පත්කිරීමට නොහැකි බවත් ඔන්ලයින් තාක්ෂණයෙන් සිසුන් පැවැත්වූ නිලවරණය පිළිගත නොහැකි බවට යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් සිසුන්ට දැණුම්දී ඇති බවත් විරෝධතාවයේ නිරත සිසුන් පැවසීය.
විරෝධතාවයේ නිරත සිසුන් වැඩිදුරටත් පවසා සිටියේ විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ ශිෂ්‍ය අයිතිවාසිකම් සඳහා බලපෑම් සිදුකරන බවත් එහි ප්‍රධාන කරුණ ලෙස මහ ශිෂ්‍ය සංගම් නිලවරණය හැදින්විය හැකි බවත්ය.
උප කුලපතිවරයාගේ ඉල්ලීම මත අදාල ස්ථානයට පැමිණි පොලිසිය ඉබියතුරු කඩා විශ්ව විද්‍යාල ප්‍රධන ගේට්ටුව විවෘත කළ අතර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සමඟ සාකච්ඡාකොට තීරණය දැණුම්දෙන බවට පැවසීමත් සමඟ සිසුන්ගේ විරෝධතාවය අවසන් කෙරිණි.

