යළි සුළි කුණාටුවක් නෑ


(නිමල කොඩිතුවක්කු සහ සුජිත් හේවාජුලිගේ)

ඉදිරි සති දෙකක කාලය තුළ දිවයිනේ හිතකර සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා පර්තමේන්තුව පවසයි

සුළු කුණාටු තත්ත්වයන් ඉදිරි දිනවල යළි ඇතිවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍යයක් බවත් එහි අධ්‍යක්ෂක(අනාවැකි අංශය)  මෙරිල් මෙණ්ඩිස් මහතා පැවසීය.

දෙසැම්බර් 15 දිනය වන තෙක් රට තුළ සාමාන්‍ය හිතකර කාලගුණ තත්වයක් පවතින බැවින්  එවැනි අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු සඳහන් කළේය.

දෙසැම්බර් දෙවන සතියෙන්  පසු ඊසාන දිග මෝසෙම ආරම්භ වීමට නියමිත බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

එහිදී දිවයිනේ උතුර උතුරු මැද නැගෙනහිර පළාත්වලට වර්ෂාව ඇතිවිය හැකි බවත් ඔහු තවදුරටත් පැවසීය.