(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බන්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු මියගිය බව බණ්ඩාරගම පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පිලියන්දල,මඩපාත ,මාකන්දන පදිංචිව සිටි එම්. ඩි. චන්ද්‍රසිරි නැමැති 54 හැවිරිදි එක් දරු පියෙකි
කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණෙමින් තිබූ ටිපර් රථය කාර්මික දෝෂයට ලක් වීම හේතුවෙන් රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ගමන් ගත් යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර වි ඇතැයි පොලිසිය කියයි.
ටිපර් රථය ගැටුණු යතුරුපැදිකරු මීටර් කීපයක් ඈතට විසි වී ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහු 1990 සුව සැරිය ගිලන් රථයෙන් කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් තිබූ බව පොලිසිය කියයි.