
(ගයාන් සූරියආරච්චි සහ සිතුම් චතුරංග)
අධික වර්ෂාව හේතුවෙන් මුලතිව්, චලේ ප්‍රදේශයේ වැලිවලින් වැසී ගිය කලපුවක ජල මාර්ගය පිළිසකර කරමින් සිටි නාවික හමුදාවේ පස් දෙනකු අද (1) අධික ජල පහරට හසුව අතුරුදන්ව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා පැවැසීය.
මෙසේ අතුරුදන්ව ඇත්තේ චලේ නාවික කදවුරට අයත් නාවික හමුදා නිලධාරීන් පිරිසකි.
චලේ ප්‍රදේශයෙන් ජලය මුහුදට ගලා යන මෝය කට වැලි පරවලින් පිරී ගියහොත් නාවික හමුදා උප අනු කණ්ඩය සහ අනු කණ්ඩ කදවුරු ජලයෙන් යටවීම සිදුවන බවත් ධීවර බෝට්ටු ඇතුළු ධීවරයන්ගේ නිවාස ද ජලයෙන් යටවීම සිදුවන නිසා එම නිලධාරීන් වැලි පර ඉවත් කිරීමේ කාර්ය යේ නියැළී සිට ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එක් වතාවක් එම මෝය කට ආසන්නයේ එකතුවී තිබූ වැලිපර ඔවුන් ඉවත් කර තිබූ අතර නැවත එම ස්ථානයේ වැලි එකතුවීම නිසා එම නිලධාරින් 5 දෙනා එහි වැලි ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිට පසුව ඔවුන් සොයා බැලීමේදී එම නිලධාරීන් අතුරුදන්ව තිබූ බව බුද්ධික සම්පත් මහතා කීය.
අධික වර්ෂාවත් සමග නාවික හමුදා කදවුර සහ එම නිලධාරීන් අතර පැවැති පණිවුඩ හුවමාරුව බිදවැටීම නිසා කදවුරේ නිලධාරීන් පිරිසක් වැලි ඉවත් කරමින් සිටි පිරිස සොයා එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී එම පිරිස අතුරුදන්ව සිට ඇති අතර අනතුරුව ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණු බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ පිළිබදව නාවික හමුදාව විසින් ආරක්ෂ අංශ දැනුවත් කිරීමෙන් පසුව ගුවන් හමුදාව සහ යුද හමුදාව ඇතුළු කණ්ඩායම් කීපයක් එක්ව අනතුරුදන් වූ නාවික නිලධාරින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද බුද්ධික සම්පත් මහතා කීය.

