මෙි විසාල මහනුවර නොවේ


(අංජුල මහික වීරරත්න)

මෙි රටක වාණිජ අග නගරයක දර්ශන කිහිපයකි.බුදුන් දවස විශාලා මහනුවර පැවති රෝග,අමනුස්ස සහ දුර්භික්ෂ යන තුන් බියෙන් මෙන් පීඩිතව සිටින 21 වන සියවසේ නුවරකි. මුලින්ම කොරෝනා නැමැති රෝගයක් නිසා රෝග බිය පැමිණියේය.අනතුරුව මැයි නව වැනිදා අමනුස්ස බිය ද දැන් දුර්භික්ෂ හෙවත් සාගත බියද පැමිණ තිබෙන්නේය.

ඈත ඉමක් කොනක් නොපෙනෙන තෙල් පෝලිම්ය. මෑත බඩ සයින් පීඩිත යදින්නෝය. ලෙනාඩ් වුල්ෆ් බැද්දේගම පොතේ සිය වෘත්තාන්ත අවසන් කරන්නේ මෙසේය.

"පුන්චි මැණිකා කෑ ගෑවාය.අප්පොච්චි!අප්පොච්චි!ඔන්න ආවා!ඔන්න ආවා.පඳුරෙ ඉඳලා යක්සයා පැන්නා.අප්පොච්චි කීවා වගේම මාව අල්ලා ගන්ඩ යක්සයා ආවා. මාව බේරා ගනින්! අප්පොච්චි!මාව බෙිරා ගනින්!

ඈ එහි උඩුබැලි අතට වැටිණ.ඒ සමගම ලොකු කළු වල් ඌරු තඩියෙක් ගෙට ඇතුළු ව උකු තළමින් සේයාවක් මෙන් සෙමින් සෙමින් පුංචි මැණිකා දෙසට ළං විය."

මේ යන විදියට තව වසරකින් හෝ දෙකකින් ලංකාවෙි වෘත්තාන්තය ද මෙලෙසින් ම අවසන් නොවෙතියි කිව නොහැක්කේ කාටද?