මෙහෙයුම් අඩුපාඩු විපරමට නියෝජ්‍ය ඇමති ගුවන්තොටට යයි




(සුජිත් හේවාජුලිගේ)

අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ වුවද ගුවන්තොටුපළ මෙහෙයුම් ආරක්ෂිතව සහ  කාර්යක්ෂමව සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමට  වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත ‍රුවන් කොඩිතුවක්කු මහතා   බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. 

අයහපත් කාලගුණය හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා ළිබඳව නියෝජ්‍ය අමාත්‍යතුමාගේ අවධානයට ලක් විය.  රට තුළට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ සහනාධාර පැමිණෙන ප්‍රධාන මාර්ගයක් වන ගුවන්තොටුපළ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපළට පැමිණෙන ජනතාවට සිදුවන  පීඩා අවම වන ආකාරයෙන් මෙහෙයුම් කටයුතු සිදුකිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කළේය

මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් එස්  මංගල   සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ,  ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති  ඇතුළු  නිලධාරීහු  පිරිසක්  සහභාගිවූහ