(රංජන් කස්තුරි)
රුපියල් කෝටි 6000ක පමණ මුදලක් යොදවා මෙරට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 200ක ධාරිතාවයක් එක්කළ හැකි මහා පරිමාණ විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ලෝකප්‍රකට පුනර්ජණනීය බලශක්ති සමාගමක් වන GCl ආයතනය කටයුතු යොදා තිබේ.
මෙගාවොට් 50 බැගින් වන සූර්ය බල විදුලි ව්‍යාපෘති දෙකක් සහ මෙගාවොට් 50 බැගින් වන සුළං බල විදුලි ව්‍යාපෘති දෙකක් වශයෙන් මෙම මහා පරිමාණ විදුලි ව්‍යාපෘති මෙරට ස්ථාපිත කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී සහ උපදේශක කර්නල් (විශ්‍රාමික) මහින්දරත්න තෙන්නකෝන් මහතා පැවසීය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් හෙවත් රුපියල් කෝටි 6000ක පමණ වියදමකින් මෙම දැවැන්ත විදුලි ව්‍යාපෘතිය ආරම්භ කළ පසුව ශ්‍රී ලංතාවේ විදුලිය හිඟයට කදිම පිළිසරණක් ලැබෙන බවද තෙන්නකෝන් මහතා කීය.
මෙම විදුලි ව්‍යාපෘතියට අදාළ යෝජනාව මේ වන විට ජනාධිපතිවරයාට විදුලිබල සහ බලශක්ති ඇමතිවරයාටත් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයාටත් ලබා දී තිබෙන බවද මහින්දරත්න මහතා කිය.
GCl යනු ලොව ප්‍රමුඛ පුනර්ජණනීය බලශක්ති සමාගමක් වන් අතර ඒකාබද්ධ බලශක්ති සේවා සපයන්නකුද වේ.
මෙම මහාපරිමාණ විදුලි ව්‍යාපෘතියේ පහසුකම් සපයන්නා ලෙස මාවී ඇග්‍රෝ ලංකා ඉන්ටර්නැෂනල් ආයතනය කටයුතු කරයි.

