මූල්‍ය අරමුදලට යාම ගැන සතුටුයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මූල්‍ය අරමුදලට යාම ගැන සතුටු වන අතර එය අගය නොකිරීමට කුහක වන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නමුත් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථා වෙනස් කරගත යුතු බවද ධනාත්මකව මේ විවාදය කළ යුතු බවද හර්ෂ ද සිල්වා මහතා කීය.