මුහුණු ලස්සන කරන කත හොරෙන් විදුලිය අරන්


(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම නගරයේ කාන්තා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක රූපලාවන්‍ය ගාරයට මාස කිහිපයක් තිස්සේ හොරෙන් විදුලි ගැනීම හේතුවෙන් විදුලි පුද්ගලික සමාගමේ වංචා විමර්ශන ඒකකය අලුත්ගම පොලිසිය  අත්අඩංගුවට ගෙන තිබේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි  කාන්තාවක් වන අතර කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ලංකා විදුලි පුද්ගලික සමාගමේ අලුත්ගම ප්‍රධාන කාර්යාලය විමර්ශන ඒකකය අලුත්ගම පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.