(ජයරත්න වික්‍රමාරච්චි)
නවගත්තේගම මුල්ලේගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළට අනවසරයෙන් ඇතුළු වී ඡායාරූප ගත් බව කියන පුද්ගලයන් සිව් දෙනකු ජංගම දුරකතන දෙකක්ද සමග අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් පසුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටළීම සිදුකර තිබේ.
සැකකරුන් සමග අත් අඩංගුවට ගත් ජංගම දුරකතනවල ඡායාරූප දත්ත මූලික විමර්ශවලට අනුව නිදන් ඇති ස්ථාන සෙවීමේ අරමුණෙන් ඔවුන් මෙසේ රක්ෂිතයට ඇතුළු වන්නට ඇති බවට පොලීසිය සැකකරයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු ආඬිගම ප්‍රදේශයේ අයකු නවගත්තේගම ප්‍රදේශයෙත් පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.