මුරලිදරන්ගෙන් දේශපාලනය ගැන සැර ප්‍රකාශයක්


ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව දේශපාලකයන්ගෙන් ඉල්ලනුයේ ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන් වැනි කරුණු නොවෙයි. තුන්වේල ආහාර ගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැකි ආර්ථික වටපිටාවක් යැයි  හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්  පවසයි.
 
උතුරේ මෙන්ම දකුණේ දේශපාලකයන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර, වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම තමන්ට ද  ගැටලුවක් බවද ඔහු පවසා ඇත.


මුරලිදරන් මහතා  මේ බව ප්‍රකාශ කර ඇත්තේ බීබීසි සමඟ සංවාදයකට එක්වෙමිනි.
 
මිනිස්සු මට බනියි ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන්,  නීතිය වගේ කරුණු  ගැන කතා කළා කියලා.  ඒවා දෙවනුවට බලන්න ඕනේ කියලා කියයි.  

ඒ පළාත්වලින් පාර්ලිමේන්තුවට  නියෝජිතයෝ යවලා මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ.
ඔවුන් අහන්නේ කෝ  තුන්වේලක් කාලා ඉන්න කෑම , කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ කරුණු” යනුවෙන්ද ඔහු එහිදී  පවසා තිබේ. 
 
මෑතකදී උතුරේ 9 හැවිරිදි  දැරියක් ආර්ථික ගැටලු නිසා සිය දිවි නසා ගෙන ඇතැයිද  පැවසූ මුරලිදරන් උතුරේ කිසිදු දේශපාලකයෙකු ඒ ගැන සොයා නොබැලූ බවට ද   එහිදී චෝදනා  කර ඇත.
 

උතුරට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවට උතුරේ දේශපාලකයන් නගන ප්‍රකාශ ගැන අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් ප්‍රශ්න කළ ඇත්තේ උතුරට එවන් විසඳුමක් අවශ්‍ය ඇයි ද යන්නයි.
 
 ‘මේ රටේ 80%‍ ක් විතර ඉන්නේ සිංහල බෞද්ධයෝ.  ඒ අයට මේ රට  අයිතියි .  කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයෝ” යනුවෙනුන් ද  ඔහු එහිදී සඳහන් කර තිබේ.

 

(36698)