මුදවාගැනීම් සඳහා ඉන්දීය හමුදා කණ්ඩායමක් බදුල්ලට


(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති ධාරානිපාත වර්ශාවත් සමඟ දිස්ත්‍රික්කයේ දැනට විපතට පත්ව කොටුවි සිටින ජනතාව මුදවා ගැනීමට ඉන්දීය හමුදා නිළධාරින් කණ්ඩායමක් අද (30)පස්වරුවේ බදුල්ලට පැමිණි බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාමෙන් දැනට විපතට පත්ව සිරවි සිටින පිරිස් සොයා බලා මුදවා ගැනීමට මෙසේ ඉන්දීය හමුදවේ නිළධාරින් 18ක් සහ නිළධාරිනියන්  දෙදෙනෙකුගේ සමන්විත හමුදා කණ්යමක්  කොළඹ සිට විශේෂ බස්‍ රථයකින් බදුල්ලට පැමිණි බවත් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.