(නිහාල් ජයවීර )
පොහොර හිඟයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මීගලෑව , කත්නෝරුව ප්‍රදේශයේ ගොවි පිරිසක් අද (11) කත්නෝරුව කුඹුරු යායේ උද්ඝෝෂණයක් පැවැත් වූහ .
මහකත්නෝරුව හා කුඩාකත්නෝරුව කුඹුරු යායවල මෙවර යල් කන්නයේ වගා කොට ඇති ගොයම් වගාවන්ට යූරියා පොහොර ඇටයක්වත් ලැබි නැති බව ගොවිහු කියති .මේ ගොයම් වගාවන්ට යූරියා පොහොර කිලෝ42,775ක් පමණ අවශ්‍ය බවත් ගොවියෝ කියති .
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැදවුම්කරු නාමල් කරුණාරත්න මහතා ද මේ අවස්ථාවට සම්බන්ධ වු අතර විවිධ සටන් පාඨ කියමින් හා සටන් පාඨ ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පැය දෙකක පමණ කාලයක් උද්ඝෝෂණය කළ ගොවිහු පසුව විසිරි ගියහ .

