මිහින්තලේ


( බී.ජී. චතුරංග )

මිහින්තලේ පොලිස් වසමේ මහ කනදරා වැවට දිය නෑමට ගොස් සෙල්ෆි ඡයා රූපයක් ගනිමින් සිටි කාන්තාවක් වෑකන්දේ කළුගල් ගොඩට තල්ලු කර දමා තුවාල සිදු කර, ඇගේ ලක්ෂ තුනකට ආසන්න රන්මාලය කොල්ලකා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කල බව මිහින්තලේ පොලිසිය පවසයි. 

මිහින්තලේ මිස්සක මාවතේ පදිංචි විසි හත් හැවිදි තරුණියක් දහවල් කාලයේ තම යෙහෙළිය සමඟින් දිය නෑමට කනදරා වැවේ වම් ඉවුරේ සොරොව්ව  අසලට ගොස් සිටියදී මෙම කොල්ලකෑම සිදුව ඇති බව පොලිසිය කියයි. 

මෙම මිතුරියන් දෙදෙනා දිය නෑමට පෙර ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායා රූපයක් ගනිමින් සිටියදී එම ස්ථානය පසුකර  යතුරු පැදියකින් ගිය පුද්ගලයන් දෙදෙනෙකු නැවත හරවා ගෙන පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී පසු පැදිකරු බැස විත් පිහියක්  එම කාන්තාව දෙසට දිගු කර ඇයව වැ කන්දේ තිබූ ගල් ගොඩ උඩට තල්ලු කර දමා මාලය කඩා ගෙන පලා ගොස් ඇති බව පොලිසිය කියයි. 

කළු ගල්ගොඩ මත ඇද වැටීම හේතුවෙන් මෙම කාන්තාවගේ කොන්ද ප්‍රදේශයට සහ ඔලුවට තුවාල සිදුව ඇති බවද පොලිසියේ වැඩි දුරටත් සඳහන් කළේය