මිලානෝ නුවර පොසොන් සිරියෙන් ඒකා ලෝක වේ


(ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට)

පොසොන් පොහොය නිමිති කර විශේෂ පුණ්‍ය මහෝත්සවය    ඉතාලියේ මිලානෝ නගරයේ දී ඉකුත් 17 සහ 18 වැනි දෙදිනේදී පැවැත්විණි.

මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක, මහගම විපුලසිරි නාහිමිපාණන්වන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථාන දායක සභාව මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කළ

මෙම පොසොන් උත්සවය ප්‍රධාන ආරාධිතය වශයෙන් මිලානෝ කොන්සල් ජෙනරාල් ඩිලානි වීරකෝන් මහත්මිය සහභාගිවු අතර මෙම පින්කම් සඳහා ශ්‍රී ලාංකික බෞද්ධ හා අනෙකුත් බැතිමතුන් සමග ආගමික වතාවත් සඳහා ඇය ද සහභාගි වූවාය.

සැම වසරකම මෙන් මෙවරත් ඕලුම් ජාත්‍යන්තර පාසලේ දුවා දරුවන් ගායනා කළ බැති ගී පැමිණි සිටි සියලු දෙනාගේම සිත් ගත් දසුනක් විය.

අටවිසි බුද්ධ පුජාව,පිරිත් සජ්ඣායනාවක්ද, පොසොන් සල්පිලක්ද පසුදා මහා බත් දන්සැලක්ද විහාරස්ථාන දායක සභාව විසින් සංවිධානය කර තිබිණි.