මිරිහානේ ගණිකා නිවාසයක් වටලා 14 ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මිරිහාන , පාගොඩ පාර, ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී තෙමහල් නිවසක් තුළ නිරෝධායන නීති කඩකරමින් සම්භාහන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 11 ක් දෙනෙක් සහ කාන්තා  කළමනාකාරවරියක් සහ පිරිමි  කළමනාකාරවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.

මෙම නිවසේ මහල් තුනේම වෙන වෙනම සම්භාහන ආයතන තුනක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහි සම්බාහනය මුවාවෙන් ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව ද පොලීසිය පැවසීය.   

සෞඛ්‍ය නීති හා නිරෝධායන නීති මෙන්ම සංචරණ නීති කඩකරමින් මෙම ස්ථානයට සේවා ලබා ගැනීමට පුද්ගලයින් පැමිණ ඇති බවත් ජංගම දුරකථන මාර්ගයෙන් හා අන්තර්ජාල සේවා හරහා (ඔන් ලයින් ක්‍රමයට) කාන්තාවන් රුපියල් 6000/= සිට රුපියල් 20,000/= දක්වා අධික මිල ගණන් යටතේ  මුදලට විකුණා ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත්වූ කාන්තාවන් ගාල්ල, වෙන්නප්පුව, දඹුල්ල, සීදුව, බණ්ඩාරවෙල, මැදවච්චිය, බිබිල, වේයන්ගොඩ, කෑගල්ල, තණමල්විල, ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18ත් 46ත් අතර පසුවන  පදිංචිකාරිනියන් බවත් මෙම කාන්තාවන්ගෙන් කිහිපදෙනෙකු පළාත් අතර සංචරණ සීමා යොදා ඇති කාලයේදී මෙම නිවසට පැමිණ ඇති බවත් විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලීසිය පැවසීය.