(චාපා මධුභාෂිණී)
ගොවිජනතාවට අවශ්‍ය පොහොර සහනාධාරය ලබා දී බඩු මිල, ඉන්ධන මිල වහා අඩු කරන ලෙසට බලකරමින් මැදිරිගිරිය නගරයේ අද විරෝධතා පාගමනක් පැවැත්විණි.
මෙම විරෝධතා පාගමනට 100 ආසන්න පිරිසක් ඒක්ව සිටි අතර විරෝධතාකරුවන් මැදිරිගිරිය ඔරලෝසු කණුව අසලින් මෙම පාගමන ආරම්භ කර මැදිරිගිරිය නගරය හරහා රෝහල් මාර්ගයේ පැමිණ නැවතත් ඔරලෝසු කණුව ඉදිරිපිට ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.
ඒක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩිනි ජයරත්න මහතා සංවිධානය කළ මෙම විරෝධතා පා ගමනට මැදිරිගිරිය පාදේශීය සභාවේ මන්ත්‍රීවරු රැසක් මෙන්ම ප්‍රදේශයේ ගොවීහු පිරිසක් ද ඒක්ව සිටයහ.
මැදිරිගිරිය කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ 25% ගොවිජනතාවට මෙවර යල කන්නයේ පොහොර සහනාදාර නොලැබී ඇති බව විරෝධතාකරුවන් කියා සිටියහ.
ඒ් අනුව තම වගාවට අවශ්‍ය පොහොර නිසි කලට ලාබා දීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ඔවුහු වැඩි දුරටත් කියා සිටියහ.