
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සහ අරවින්ද සෙනරත් මහතා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ සභාපති තනතුරු සඳහා නීතිඥ සාගරිකා ආතාවුද මහත්මිය සහ වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහත්වරුන් පත්කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
මෙයට අමතරව කවීන්දරන් කෝඩිස්වරන්, කින්ස් නෙල්සන්, එම් කේ අස්ලම්, උපුල් කිත්සිරි , නීතිඥ තුෂාරි ජයසිංහ සහ සුජීව දිසානායක යන මහත්ම මහත්මීන්ද සභාපති නාමාවලියට පත්කර ඇති බව කතානායකවරයා ප්‍රකාශ කළේය.

