තුර්කියේ ඉස්තාන්බුල් නුවර වාසය කරන 56 හැවිරිදි මුසාෆර් කෙයෙසාන් වේ මාස 14ක් තිස්සේ සිදු කළ පී.සී.ආර්.වාර්තා අනුව කොරෝනා රෝගියකු ලෙස තහවුරු කර ඇත.
2020 නොවැම්බර් මස මොහුට කෝවිඞ් රෝගය වැළඳී බවට තහවුරු වී ඇත. එදා පටන් පසු ගිය මාස 14 ක කාලය තුල 78 වතාවක් පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර එම 78 වතාවම පොසිටිව් වී කෝවිඞ් රෝගය තිබෙන බව තහවුරු වී ඇත.
මුසාෆර් කෙයෙසාන් වේ ලියුකේමියා රෝගියෙකි.
මෙය යම් පුද්ගලයකුට කෝවිඞ් රෝගය ආසාදනය වී තිබූ වැඩිම කාලය වේ.මාස 9 ක් රෝහල් ගත වී සහ මාස 5 ක් නිවසේ තනිවම ජීවත් වී ඇති නිසා මුසාෆර් බාහිර ලෝකයෙන් වෙන් වී ඇත. ඔහුගේ මිණිපිරිය වන අස්රා ඔහු බැලීමට පැමිණ මිදුලේ සිට කතා කර ආපසු යයි. එවිට මම සනීප උනහම සෙල්ලම් කරමු යැයි ඔහු පවසයි.
ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින මුසාෆර් මාස 14 ක කාලයක සිට කෝවිඞ් රෝගයෙන්ද පීඩා විඳි. මෙයට හේතුව ලියුකේමියා රෝගීන්ට ඇති දුර්වල ප‍්‍රතිශක්තීකරණය බව වෛද්‍යවරු පැවසූහ. කෝවිඞ් රෝගියෙක් නිසා තුර්කි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව මොහුට කෝවිඞ් මර්දන එන්නත් ලබා දිය නොහැකි අතර ලබාගැනීම සඳහා කෝවිඞ් රෝගයෙන් සුව වීම අනිවාර්ය වේ.මුසාෆර් හට කෝවිඞ් රෝගය වැළඳීම හේතුවෙන් ගඳ සුවඳ දැනීම සහ රස දැනීම නැතිවී ගොස් ඇත.
(විමුක්ති එස් රුද්‍රිගු. රොයිටර්ස් ඇසුරිනි)

