
(අංජුල මහික වීරරත්න සහ අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309 ක් නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි මාවිල් ආරු වැවේ බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී යාමෙන්, ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මෙලෙස මුදා ගැනුණි.
මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහයුම් තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් පවතින බව නාවික හමුදාව පවසයි.
ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනකු මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කර ගල්කන්ද විහාරස්ථාන පරිශ්‍රය වෙත යොමු කෙරුණු අතර නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ ගොඩබෑමේ යාත්‍රාවක් මෙන්ම වෙරළබඩ මුර යාත්‍රාවක් මුතුර් ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේ සූදානම්ව තබා ඇත.




