(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලිගාකන්ද උසාවිය අසල මාර්ගයේදි යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් කාන්තාවක තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතලත් කළ බව මරදාන පොලිසිය පවසයි.
එම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 40ක කාන්තාවකි.
තුවාල ලැබූ කාන්තාවගේ ස්වාමි පුරුෂයා නඩුවක විවෘත වරෙන්තු කරුවකු වන අතර වෙරළාබඩ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා බිරිද සමග නිවසට යමින් සිටියදී අධිකරණයේ දොරටුවේ සිට මීටර් 50 ක් පමණ දුරින් වු ප්‍රධාන මාර්ගයේදි යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇත.
වෙඩි තැබු ස්ථානයේ තැනින් තැන පත්තු නොවු 9 MM වර්ගයේ උණ්ඩ 03 ක් හමු වී ඇතිබව පොලිසිය පවසයි.