(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සහයෝගය මාලදිවයිනටත් ලබා දෙන්නැයි මාලදිවයින් රජය ඉල්ලීමක් කර තිබෙි.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළ මාලදිවයින් රජයේ අවධානයට යොමු වී ඇතැයි මෙරට නිල සංචාරයක නිරතව සිටින මාලදිවයිනේ කෘෂිකර්ම, ධීවර හා නාවික කටයුතු ඇමැති හුසේයින් රෂීඩ් හසන් මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේදී හුසෙයින් රෂීඩ් හසන් මහතා මෙම ඉල්ලීම කර තිබේ.
ශ්‍රී ලංකාවේ හරිත කුටි වල (Net House) සිදු කෙරෙන වගා සම්බන්ධව අවදානය යොමු කළ මාලදිවයින් අමාත්‍යවරයා එම තාක්ෂණය මාලදිවයිනටත් ලබා දෙන ලෙසත්, එමෙන්ම එරට පිරිසක් ඒ සඳහා පුහුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළේය.

