මාලගිරව් 11 ක් විකිණීමට ප්‍රදර්ශනය කළැයි 20,000 ක් දඩ


(අජිත්ලාල් ශාන්තඋදය සහ විශේෂ වයි.ඒ.එස්.වීරවංශ)

මාලගිරවුන් 11 දෙනෙකු විකිණීම සදහා ප‍්‍රදර්ශනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් සැකකරුවෙකුට රුපියල් 20,000ක් ගෙවන ලෙස බළන්ගොඩ මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා  නියෝග කළේය.

මෙසේ දඩ නියම වූයේ බළන්ගොඩ, හුණුකුඹුර ලිපිනයේ පදිංචි නසාර් අන්ෆාස් යන අයටය.

හුණුකුඹුර ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය  pet hub  යන ස්ථානයේ මෙම මාලගිරවුන් (Rose Ring parakeet - Psittacula krameri)  විකිණීමට ප‍්‍රදර්ශනය කරමින් තිබියදී බෙලිහුල්ඔය වනජීවී අඩවි ආරක්‍ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම මාලගිරවුන් එකොළොස් දෙනාම එකම කූඩුවක ර`දවා තිබුණි. වනජීවී නිලධාරින්භාරයට ගත් මාලගිරවුන් අධිකරණ නියෝග මත එදිනම  සමනල ස්වභාව රක්‍ෂිතයේ බළන්ගොඩ රක්‍ෂිත ප‍්‍රදේශයට මුදාහල බව සමනල ස්වභාව රක්‍ෂිතයේ අඩවි ආරක්‍ෂක ඞී.පී. සියාසිංහ මහතා පැවසුවේ ය.