(රංජන් කස්තුරි)
විධිමත් ස්ථානමාරු ලබා සිටින ගුරුවරුන් අනිවාර්යෙන්ම නව සේවා ස්ථානවලට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නියෝග කර තිබියදී කොළඹ ජනප්‍රිය පාසල්වල ගුරුවරුන් වැඩි පිරිසක් එම නියෝගය කඩකර ඇතැයි වාර්තා වේ.
විධිමත් මාරු මණ්ඩල හරහා ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදී ඇතත් ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන් තමන්ට හිතවත් ගුරුවරුන්ට මාරු වීමට ඉඩ නොදි පාසලේ රඳවාගෙන සිටින අතර එම පාසල්වලට අලුතින් ඒමට අපෙක්ෂිත ගුරුවරුන්ට එමගින් එම අවස්ථා මඟහැරි යන බවට මාරුවීම් ලබාගැනීමට අපෙක්ෂිත ගුරුවරු පවසති.

