මාරක ළිඳ දරුවාට මාරකයක් වෙයි


(කේෂර ගුණතිලක)

දඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සැණකෙළියක සවිකර තිබූ මාරක ළිඳේ පඩිපෙළ නගිමින් සිටි අවුරුදු 01 මාස 11 වයසැති පිරිමි දරුවෙකු පඩිපෙළින් වැටී මියගොස් ඇතැයි දඹගල්ල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර කහටගස්දිගිලිය ලයිට්පාර පදිංචිව සිටි ඩී.එම් සෙනුර දේශාන් නැමති පිරිමි දරුවෙකි.

ඔහුගේ පියා මෙම සැණකෙළියේ මාරක ළිඳේ ලොරිරථයේ රියදුරු වශයෙන් කටයුතුකර අයෙකි.

ඔහු තම දරුවාද සමඟ සැණකෙළිය පැවැත්වෙන භූමියට පැමිණ සිටියදී  මාරක ළිඳේ පඩිපෙළ නගමින් සිටියදී දරුවා ඉන් බිමට වැටී ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දරුවා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල ඇතුලත්කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ප්‍රතිකාරලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

දඹගල්ල පොලිස් ස්ථානාධිපති ජී.එස්.අයි ගිනිගේ  මහතා පරීක්ෂණ පවත්වයි.