මාමාණ්ඩිගේ උදළු පහරින් බෑණා අවසන් ගමන් යයි


(චාපා මධුභාෂිණී)

මින්නේරිය රෝටවැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මාමාණ්ඩිය  සිය බෑනාට  උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 81, රොටවැව, ගල්ඔය හන්දිය, පදිංචි වීරවර්ධන බණ්ඩාරනායකගේ ඉෂාර ඔෂද බණ්ඩාරණායක නමැති 32 හැවිරිදි දෙදරු පියෙකි.

මරණයට පත්වූ පුද්ගලයා දිනපතා බීමත්ව පැමිණ සිය බිරිදට රණ්ඩුසරුවල් කර ඇති අතර පසුගියදා  මරණකරු  සිය බිරිද සමග රණ්ඩු කර ඇත. ඒ් අවස්ථාවේ බිරිද දරුවන්ද රැගෙන යාබද නිවසේ සිටින සිය පියාගේ නිවසට ගොස් සැගව සිටින අතර තුර ඒම නිවසට ද පැමිණ රණ්ඩු කළ අවස්ථාවේ මෙම බහින්බස්වීම දුරදිග යෑමෙන්  නිවසේ තිබූ උදැල්ලෙන් හිස ප්‍රදේශයට පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.