( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් , ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇතැයි ජනාධිපති නීතීඥ ඊ. කන ඊශ්වරන් මහතා අද (30) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
මේ වනවිටත් පාර්ලිමේන්තුව හමුවේ ඔහුට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මතව සිටයදීත් අගමැති තනතුරේ රැදී සිටීම නුසුදුසු වන බවද ජනාධිපති නීතීඥ කන ඊෂ්වරන් මහතා කීය.
වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට, අග්‍රාමාත්‍ය ධුරය සහ අමාත්‍යධූර දැරීමට නීතිමය බලයක් නොමැති බව තීන්දු කරන්නැයි ඉල්ලා, රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් 122ක්, අභියාචනාධිකරණයට ගොනුකර ඇති පෙත්සම අද (30) සළකා බැලූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටිමින් හෙතෙම මේබව පැවසීය.
මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව 13 වැනි සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවද ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ මෙම රිට් පෙත්සම අද (26) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එම රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම තවදුරටත් සිදු කෙරේ.
පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි.
මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව 13 වැනි සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව පෙත්සම්කරුවන් කියා සිටියේය.
මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කර ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.