මහින්ද එළියට දැම්මොත් මිනිස්සු ගෙවල් දහයක් අරගෙන දේවි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දැම්මොත් ඔහුට ගෙවල් දහයක් අරගෙන දෙන්නට මේ රටේ මිනිස්සු ඉදිරිපත් වනු ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිතුමා එදා කළුතර කරපු කතාව බලන්න.මහින්ද රාජපක්ෂගේ ගෙදර ගන්න කියන්නකෝ. ලක්ෂ හතලිස් හයකට කුලියට දෙන්න වෙන්නේ කොන්ඩෙ බැදපු චීනුන්ට තමයි. මහින්දලා චන්ද්‍රිකාලා ගෙවල් වලින් එළියට ගියා කියලා ඒ අයගේ නාමය නැති වෙන්නේ නෑ.මහින්දගේ ඉවත් කලොත් ගෙවල් දහයක් අරන් දෙන්න මිනිස්සු ඉන්නවා.ජනාධිපතිතුමා නිකන් තුන්මුල්ල විමලේ වගේ හැප්පෙන්නේ.තව මාස හයකින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සිකුරුටි හොයාගන්න වේවි යනුවෙන්ද චාමර සම්පත් මහතා කීය.