(සුජිත් හේවාජුලිගේ)
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ කොඩ්බේ යාත්‍රාංගනයේ කෝටියකට වැඩි ටග් යාත්‍රා තුනක් සහ බත්තල් හයක්ද මුල්මුඩේ යන්ත්‍රාගාර පරිශ්‍රයේ තිබුණු වීල් ලෝඩර් හතරක් සහ වටිනා ලොරි රථයක්ද කෝකිලායි යන්ත්‍රාගාරයේ තිබූ රුපියල් කෝටි හතරක් පමණ වටිනා සර්පිලාකාර යන්ත්‍රයක්ද කාලයක් තිස්සේ දිරාපත් වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
ටජ් යාත්‍රා තුන සහ බත්තල් හය වසර 26ක් තිස්සේ දිරාපත්ව තිබෙන බවද එහි දැක්වේ
මේවායේ ආරක්ෂාව සඳහා ඉකුත් 2022 වසරේදී ලක්ෂ විසි හයක පමණ මුදලක් වැය කර තිබූ බව වාර්තාවේ පවසයි
මේ අතර සමාගමේ සේවකයන්ට ආහාර දීමනාව සහ පැමිණීමේ දීමනාව ලෙස රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ගෙවා ඇතැයිද ජාතික විගණන කාර්යාලය පවසයි.
සමාගම සැපයුම්කාර ආයතන විසි අටක් සඳහා 2019 සිට 2021 දක්වා ලක්ෂ විසිපහක මිලදී ගැනීමේ අත්තිකාරම් ගෙවා තිබූ නමුත් මිලදී ගැනීමේ කාර්යයන් නිමකර එම අත්තිකාරම් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණු බව වාර්තාව සඳහන් කරයි
යන්ත්‍රාගාරයේ කටයුතු 2022 වර්ෂයේ දී ආරම්භ කර නොතිබිණද සේවකයන් 117 දෙනෙකු බඳවාගෙන වැටුප් සඳහා රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මිනරල් සමාගමේ කෝටි ගාණක බත්තල් ලොරි යන්ත්‍ර දිරන්න දාලා