IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හර්ෂ ඉලූක්පිටියට එරෙහි නඩුව කල් යයි

(මනෝප්‍රිය ගුණසේකර)

විද්‍යුත් වීසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන තිබු තීරණය වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට දඬුවම් නියම කිරීම ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීරණය කළේය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු ආගමන විගමන පාලකවරයාට එරෙහිව පවරා ඇති පෙත්සම සහ විද්‍යුත් වීසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන තිබු තීරණය වලකාලන්නැයි ඉල්ලමින් ගොනු කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන යසන්ත කොදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර  මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලීණි.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් දෙන්නැයි ඉල්ලා හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතීඥ ඒම්.ඒ. සුමන්දිරන් යන මහත්වරු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකොට තිබිණි.

එම පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුව විද්‍යුත් වීසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන තිබු තීරණය වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් ආගමන හා විගමන පාලකවරයා වශයෙන් කටයුතු කළ හර්ෂ ඉලූක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් නඩුවක් පැවරීය.

එම නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකාර හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හර්ෂ ඉලුක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා මීට පෙර අවස්ථාවේදී මෙම චෝදනාවට තමා ‘නිවැරදිකරු’ වශයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් අදාළ චෝදනාවට තම සේවාදායකයා ‘වරද පිළිගන්නා’ බවත් පැවසීය.

ඒ අවස්ථාවේදී විත්තිකාර හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණය ඉදිරියට පැමිණ  තමන් ඒ අවස්ථාවේදී මානසික පීඩනයෙන් සිටි බවත් තමන් විදේශ ගතවිමට බලාපොරොත්තුවෙන් සිටි බවත් කීය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා තමාට කතා කර නීිපතිවරයාගේ උපදෙස් ගැනීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන ලෙස තමාට කීවේ යැයි කී හර්ෂ ඉලුක්පිටිය මහතා ඒ අනුව අදාළ නියෝගය තමා ක්‍රියාත්මක නොකළේ යැයිද පැවසීය.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය රාවුෆ් හකිම් මහතා කරුණු දක්වමින් විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව ඉතාම බරපතළ හෙයින් ඔහුට මතක හිටින දඩුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කරුණු දක්වමින් විත්තිකරුගේ මෙම ක්‍රියාව හේතුවෙන් රුපියල් කෝටි 370ක් පමණ රජයට අහිමි වී ඇති බවත් කුමන්ත්‍රණකාරි අන්දමින් කළ මෙම ක්‍රියාවට ඉහළම දඩුවම් දෙන්නැයි ඉල්ලා සිටියේය.

විත්තිකාර හර්ෂ ඉලුක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කරුණු දක්වමින් සිද්ධියට අදාළව මේ වන විටත් මාස 09ක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවා සිටියේ යැයි කීය.

තිදරු පියෙකු වන තම සේවාදායකයාට විරුද්ධව මීට පෙර කිසිදු ආකාරයක පැමිණිල්ලක් නොතිබූණේ යැයි කී ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා එම තත්වය යටතේ තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි දඬුවම ලබන 24 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශණ ඇතොත් සතියක කාලයක් ඇතුළත ගොනු කරන ලෙස දෙපාර්ශවයටම  නියම කළේය.



අදහස් (0)

හර්ෂ ඉලූක්පිටියට එරෙහි නඩුව කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site