
(උපුල් හේරත්)
මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 16 කට කිසිදු ක්‍රීඩා ගුරුවරයකු නැතැයි එම පාසල්වල ගුරුවරුන් මෙන්ම මාපියන් මැසිවිලි නගයි.
වසර හතරකට අධික කාලයක් මුළුල්ලේ නිවාසාන්තර ක්‍රීඩා පවත්වා නැත. පාසල් 16 ඉගෙනුම ලබන දුවා දරුවන්ට මේ වතාවේ ඉදිරිපත් වී සිටින ක්‍රීඩක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැඩි උනන්දුවක් පවතින බව අප කළ සංචාරයේ දී දැක ගැනීමට හැකි විය .
දිවා කාලයේ පාසල් ගොස් , සවස් කාලයේ ක්‍රීඩා පුහුණු වීම් ලබා ,රාත්‍රී කාලයේ නිදි වර්ජිතව, වල්අලින් පන්නා දැමීමේ ක්‍රියාවලියට , ගමේ වැඩිහිටියන් සමග එක්ව කටයුතු කරන බව දැන ගැනීමට ලැබිණ.
මෙවන් වූ අති දුෂ්කර ජීවිතයක් ගෙවන මහවිලච්චිය කොට්ඨාස අධ්‍යාපන බල ප්‍රදේශයට අයත් කුඩා දරුවන්ට අවශ්‍ය කරන ක්‍රීඩා උපකරණ මෙන්ම ක්‍රීඩා පාවහන් නොමැති කම විශේෂයෙන් කැපී පෙනෙන සිද්ධියක් බවට පත් විණි. මහවිලච්චියට කිසිදු ක්‍රීඩා ගුරුවරයකු නොමැති වුවත් අනුරාධපුර නගරයේ පාසල් දෙකක ක්‍රීඩා ගුරුවරුන් 25 දෙනකු සිටින බව තතුදත් ආරංචි මාර්ග කියයි.
මේ සිද්ධිය පිළිබඳව අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එමි.එමි.හෙටිටිආරචිචී මහත්මිය මෙසේ සඳහන් කළාය.
මහවිලච්චිය කොට්ඨාස අධ්‍යාපන බල ප්‍රදේශයේ එවැනි ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බව ඇත්ත .ක්‍රීඩා ගුරුවරු හිඟතාවයක් පවතිනවා ,එහෙත් ක්‍රීඩා සහයකවරු දෙතුන් දෙනක් එම කොට්ඨාස රාජකාරි යෙදී සිටිනවා යැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පිළිතුරු දුන්නාය.

