මහනුවරට පොහොට්ටුව නාම යෝජනා බාරදෙයි


(මොහොමඩ් ආසික්)

මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ   අද (17) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිය නාම යෝජනා බාර දෙනු ලැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්ත  ඇතුළු  අපේක්ෂකයින් එමඅවස්ථාවට එක් වූහ.