මහනුවර වෙළඳ සංකීර්ණයේ ගින්නකින් පහකට තුවාල


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මහනුවර යටිනුවර සිව්මහල් වෙළඳ සංකීර්ණයක අද(08) අලුයම ඇති වූ ගින්නකින් එකම පවුලේ පස්දෙනෙකු පිලිස්සුම් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
තුවාල ලැබූ අය අතර අවුරුදු 3, 7 හා 8 යන වයස්වල පසුවන කුඩා දරුවන් තිදෙනෙකු ද වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප - චමිල් රූපසිංහ

 


 

යටිනුවර වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

 

මහනුවර යටිනුවර වීදීය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 4 ක් පිටත් කර යැවු බව ගිනි නිවන  ඒකකය සඳහන් කරයි.

ගොඩනැගිල්ලේ සිටි කිහිප දෙනෙකු බේරාගෙන ඇති බවත් ඒ අතර කුඩා දරුවන් ද සිටි බව පොලිසිය පවසයි.

(28535)