මහ වැසි හා සුළඟින් ගෝඨා ගෝ ගමටත් හානි


(ඩයනා උදයංගනී)

කොළඹ නගරයට ඊයේ (30) රාත්‍රියේ සිට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටි 'ගෝඨා ගෝ ගම' විරෝධතා භූමියේ ඉදිකර තිබූ කූඩාරම් කිහිපයකට ද හානි සිදුවී තිබිණි.

‍ගෝඨා ගෝ ගම මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටි කූඩාරමට ද මහ වැසි හා සුළං හේතුවෙන් හානි සිදුව ඇති අයුරු දක්නට ලැබිණි.

අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ වුවත් අරගල භූමියේ විරෝධතා අඛණ්ඩව 53 වැනි දිනටත් අද පැවැත්විණි. 

(ඡායාරූප: හිමත් මතීෂ)