මහ මඟ මැණික් වෙළදාම් කළ 10 ක් අත්අඩංගුවට


( තුසිත කුමාර ද සිල්වා)

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ව පැවතිය දී බේරුවල පත්තේ කඩේ මැණික් වෙන්දේසි පොලේ මහමග ව්‍යාපාරික කටයුතුවල නිරතවී සිටි ව්‍යාපාරිකයින් දසදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය අද (19) පැවසීය .

මෙම පිරිස සාමාන්‍ය දින වල මෙන් ව්‍යාපාරික කටයුතුවල නිරත වී ඇති අතර පොලිසිය කළ අවවාද නොසලකා හැරීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගත් බව කියයි .

අත්අඩංගුවට ගත් පිරිස කළුතර අධිකරණ ට ඉදිරිපත්  කිරීමට නියමිතය .බේරුවල පොලිස් ස්ථානාධිපති  ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත  රථවාහන ස්ථානාධිපති සුරංජිත්  පෙරේරා  මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්  නිරෝධායන නීති උල්ලංඝනය කළ මෙම පිරිස  අත්අඩංගුවට  ගෙන තිබේ.