(අංජුල මහික වීරරත්න)
කාන්තා මූලික අඩු ආදායම් ලබන පවුල් 14000කට එක් පවුලකට රුපියල් 18000 බැගින් මුං වගාව සඳහා ආධාර මුදලක් ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කර තිබේ.
ලබන මාස් කන්නයේදී මේ ආධාරය ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට අත්හිටුවා තිබෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මුං ඇට, බඩ ඉරිඟු සහ සෝයා වගා කිරීමට ලබන මාස් කන්නයේදී ප්‍රමුඛත්වය ලබා දීමට ද තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.