(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කසිප්පු පානය කර වෙරි මරගාතේ පැමිණ වයෝවෘද්ධ මවට පහර දුන් බව කියන පුද්ගලයකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම වයෝවෘද්ධ මවගේ 75 හැවිරිදි සැමියා සහ මගේ වැඩිමල් පුතා වැල්ලව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ ඝාතනය කර ඇත්තේ වැල්ලව කිරිඳි වල්මඩ මකුල්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. එම් .එස් .හේමන්ත නැමැති 41 හැවිරිදි අයෙකි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගත්සැකකාර පිය පුතු දෙදෙනා ගෙන් පුතා ලංගම බස් රථ රියැදුරෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා කසිප්පු පානය කිරීමට ඇබ්බැහි වී සිටි අයෙකි යයි කියති.
ඝාතනයට ලක්ම වූ පුද්ගලයා රැකියාවක් නොකරන අතර කසිප්පු පානය කර වෙරි මරගාතේ නිවසට පැමිණ නිතර පවුලේ අය සමග ආරවුල් ඇතිකර ගන්නා අයකු බවට ද තොරතුරුලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

