මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස්  අපයෝජනය කිරීමට සූදානම් වූ 17  හැවිරිදි  තරුණයෙකු   මවගේ  විමසිලිමත්භාවයත් සමග  දැරිය අත්හැර දමා  පලා ගොස්  සිටියදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සැකකරු ජනාධිපතිවරණයට පසු දින (22) රාත්‍රී  තවත් පුද්ගලයන් කීප දෙනෙකු සමග සාදයකට සහභාගී එම ප්‍රදේශයේ  අඩක් වැඩ නිම කරන ලද  දැරිය පදිංචි දෙමහල් නිවස අසලට තනිවම මධ්‍යම රාත්‍රී 12.45 ට පමණ පැමිණ  ඇතැයි පොලිසිය කියයි. 

නිවසේ ඉදිරිපස  ජනේලයට ආවරණයට යොදා තිබූ රෙද්ද  ඉවත් කර නිවස   තුළට ගොස් තිබූ සැකකරු පියා සමඟ සාලයේ එකම ඇඳේ නිදා සිටි දැරිය ඔසවාගෙන ජනේලයෙන් පිටතට පැමිණ මීටර් දෙසීයක් පමණ ඈතින් තිබෙන පුරන් කුඹුරු වෙල්යායේ තාප්පයක් අසලට රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැරිය එදින පියා සමඟ එක ඇඳෙහි නිදාගෙන ඇත්තේ  මව පැපොළ රෝගය සෑදී රෝගය සෑදී එබැවින්   යාබද කාමරයේ ඇඳක සිටි නිසා බව පොලිසිය කියයි

මව රාත්‍රීයේදී ඇයගේ මවටද අවදි කරගෙන  නිවස තුළ වූ නාන කාමරය වෙත යාමේදී සැමියා සමග දරුවා නිදා සිටි ස්ථානයට ගොස් දරුවාද බලා නැවත මව සමඟ කාමරයට පැමිණ නින්දට ගොස් තිබූ බව පොලිසිය කියයි.

මද වේලාවකදී දැරියගේ මවට සාලය දෙසින් යම් ශබ්දයක් ඇසි විමසිලිමත් වි ඇයගේ මවටද පවසා ඔවුන් දෙදෙනාම නැවත පැමිණ  සාලය දෙස බලා අනතුරුව ඇඳ දෙස බැලීමේදී සැමියා සමග ඇඳෙ නිදා සිටි දරුවා එහි නොමැති බව දැක කලබලයට පත්ව මහ හයියෙන් කෑ ගසා සැමියා අවදිකර  තිබූ බව පොලිසිය කියයි.

එසැනින් අවදි වූ සැමියා දරුවා සොයා නිවස තුළ සෝදිසි කිරීමේදී මව සහ මිත්තණිය දරුවා සොයා ඉදිරිපස දොර විවර කරගෙන නිවසින් පිටතට යාමේදී නිවසට මදක් ඈතින්   දරුවා කෑගසන හඬ මිත්තණියට ඇති ඒ බව දරුවාගේ පියාට පැවසීමත් ඔහු කටහඬ හා දෙසට කළුවරේම දිව ගොස් පුරන් කුඹුරු අත්හැර දමා ගොස් සිටි දියණිව සොයා ගැනීමට සමත් වී ඇත