මනූෂගෙන් ඔහුගේ බිරිදගෙන් සී.අයි.ඩියට ප්‍රකාශයක්


(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් සහ ඔහුගේ බිරිදගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේය.

අයථා ලෙස දේපොළ උපයාගත්තේ   යැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන්  මෙසේ  ප්‍රකාශ සටහන් කරගෙන අැත

නානායක්කාර මහතා සහ ඔහුගේ බිරිය අද (22) පෙරවරු 9.30 ට පමණ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක්  දීමෙන් පසුව පස්වරු 12.30 ට පමණ ඉන් පිටව ගියහ.