(ප්‍රසාද් රුක්මල් )

ස්ව්ස්ටර්ලන්තයේ සිට සංචාරයක් සදහා බිරිද ,සිගිති දියණියන් දෙදෙනා සමග මෙරටට පැමිණි  ස්විස්ටර්ලන්ත ජාතික වෛද්‍යවරයකු හදිසියේ රෝගී වී මියගිය බව දියතලාව පොලිසිය පවසයි.

ශ්‍රීලංකාවේ සංචාරය සදහා පැමිණ හල්දුම්මුල්ල කලුපහන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදි හදිසියේ රෝගී වී දියතලාව මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇත්තේ චව්දි රොබින් හෝක්(54) නැමති වෛද්‍යවරයකු බව පොලිසිය කීය .

අවුරුදු 14,15 වයසේ පසුවන දියණියන් දෙදෙනා සහ බිරිද ද සමග මෙරට සංචාරය කිරීමට පැමිණ හල්දුම්මුල්ලට පැමින මෙසේ කලුපහන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඇති බවත් පොලිසිය සදහන් කළේය .