
ඉන්දීය ජාතික යෝග උපදේශක 38 හැවිරිදි කමාල් කලෝයි, සිය ශ්වසන පාලන හැකියාව සහ ශාරීරික ශක්තිය මැනවින් යොදාගනිමින් ගින්ස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව සිටී.
ඒ, එකම එක හුස්මකින් දිය යටදී වැඩිම පුෂ්-අප් (Push-ups) සංඛ්‍යාවක් සිදු කළ පුද්ගලයා බවට පත්වෙමිනි.
වසර දෙකක පුහුණුවකින් පසුව ඔහු එකම හුස්ම තබාගනිමින් ජලය යටදී පුෂ්-අප් 86 ක් සිදුකර මෙම අභියෝගය සාර්ථකව ජයගෙන ඇත. යෝග අභ්‍යාස මගින් ලබාගත් හුස්ම පාලනය කිරීමේ හැකියාව මෙන්ම කායික ශක්තිය (Calisthenics) එක්තැන් කරමින් ඔහු පිහිටුවූ තෙවැනි ජලජ ලෝක වාර්තාව මෙයයි.
දැනට වියට්නාමයේ නින් බින් හි පදිංචිව සිටින කමාල් කලෝයි, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම වාර්තාගත අභියෝගයට මුහුණ දී තිබූ බව ගින්ස් ලෝක වාර්තා සංවිධානය නිල වශයෙන් තහවුරු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd