(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 490 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
එයින් ආසාදිතයින් 215 දෙනකු මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 150 දෙනකු ද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 125 දෙනකු වශයෙන් වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 43,545 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.