(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මන්නයකින් පහර දීමට තැත් කළ මත්පැන් ජාවාරම්කරුවෙකු අද 25 අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි
සැකකරු සතුව තිබූ මන්නය ද පොලිස් බාරයට ගෙන ඇත
පුද්ගලයකු මන්නා පිහියක් රැගෙන කලහකාරි ලෙස හැසිරෙන බවට දිවා මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ලද තොරතුරු අනුව වැලිපැන්න, නුග ගහ ලන්ද , බිෆ් වත්ත
ප්‍රදේශයට ගොස් තිබූ බව පොලිසිය කියයි
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා දුටු සැකකරු පරුෂ වචනයෙන් බැන වදිමින් කලහ කාරී ලෙස හැසිරී පොලිස් නිලධාරීන්ට අත දරා සිටි මන්නෙන් පහරදීමට තැත් කර ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනා 119 දිවා රාජකාරියේ යෙදුණු පොලිස් සැරයන්වරයකු ද එම ස්ථානයට ගෙන්වා ගෙන ඔහුගේ සහය ඇතිව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු තවත් පුද්ගලයකු සමග ආරවුලක් හටගෙන එම පුද්ගලයා විසින් සැකකරුගේ කන සපා කා බරපතළ තුවාල සිදුකර තිබූ අතර ඊට උරනව සැකකරු මන්නයක් රැගෙන එම පුද්ගලයා සමඟ ආරවුලක් හටගෙන තිබූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක පුද්ගලයෙකි
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව යටතේ සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

