මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලන්න ජාත්‍යන්තර පුහුණුවක්


(යොහාන් භාසුර)

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය, යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ කලාපීය පුහුණු වැඩසටහනක් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපතේදී පැවැත්වීය

මුහුදු මාර්ගයන් ඔස්සේ කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනෙකුත් අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ මෙම පුහුණු වැඩසටහන සංවිධානය කළේය.

මැයි මස 29 වැනි දින ආරම්භ කළ යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීහු 6 ක්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු 2 ක් සහ නාවිකයෝ 4 ක් සහ බංගලාදේශ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු 2 ක් සහ නාවිකයෝ 6 ක් මෙම පුහුණුවට සහභාගි වූහ.

මෙම අවස්ථාවට මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ වැඩසටහනේ පුහුණු කණ්ඩායමේ ප්‍රධාන පුහුණු උපදේශක ස්ටුවර්ට් මෙල්විල් මහතා සහභාගි විය.