
(නිමල් ජයරත්න)
මඩකලපුව වාලච්චේන පූනානි ප්‍රදේශයේ පිහිටා ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය හෙවත් ෂරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන දැනට යුද හමුදාව භාරයේ ඇති එම විද්‍යාලයේ පරිගණක හයක් සහ සිවිලිං ලයිට් අසූවක් සොරකම් කර පලායමින් සිටියදී යුද හමුදා කෝප්‍රල්වරයකු සහ ත්‍රීරෝද රථ රියදුරකු අද (10) අලුයම, අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
යුද හමුදා සහ පොලිස් මාර්ග බාධකයක් පසුකරගෙන ත්‍රීරෝද රථයකින් මෙම භාණ්ඩ සොරාගෙන යමින් සිටියදී වැලිකන්ද කඩවත්මඩුව පොලිස් මාර්ග බාධකයදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය පවසයි.
තිස්පස් හැවිරිදි යුද හමුදා කෝප්‍රල්වරයා හත්වන වන ගැමුණු හේවා බලකාය නාවල්අඩි යුදහමුදා කඳවුරේ සේවය කරන බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.
සැකකාර කෝප්‍රල්වරයා පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු වයස අවුරුදු 35ක පමණ අයකුවේ.
කුලියට ගත් ත්‍රීරෝද රථයකින් , යුද හමුදා කෝප්‍රල්වරයා මෙම පරිගණක සහ සිවිලින් ලයිට් කදුරුවෙලට ගෙන ගොස් එතැන් සිට බස් රථයකින් කොළඹ දක්වා රැගෙන යාමට සැලසුම් කර ඇති බවද පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය කියයි.

