(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් ශෝකය පළකිරීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 21 වෙනිදා සිකුරාදා පැවැත්වීමට පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී අද(11) තීරණය කෙරිණ.
මෙම ශෝක යෝජනා විවාදය මෙයට පෙර පැවැත්වීමට නියමිතව තිබුණත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම නිසා නොහැකි විය.
පක්ෂ නායකයින්ගේ රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (11) දහවල් පැවැත්විණ.
මේ අතර විශේෂ පනත් කෙටුම්පත් හතරක් පාර්ලිමේන්තුවට ලබන
20 වැනිදා ඉදිරිපත් කිරීමටද එහිදී තීරණය කර ඇත.
අංක 1979 අංක 15 දරන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය පනතට සිදු කරන සංශෝධනය, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන සහ සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන එම පනත් කෙටුම්පත් හතරය.

